"දැය නංවන සපිරි ගමක්" - දෙහිඅත්තකණ්ඩිය ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මානය ආරම්භ කෙරේ
---------------------------------------------------------------------
ජනාධිපති ලේකම් කාර්‍යාලය, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්‍යාලය, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය හා ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලය එක්ව මෙහෙයවන "දැය නංවන සපිරි ගමක්" ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන ව්‍යාපෘතියට සමගාමීව අම්පාර දිස්ත්‍රික්කයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බක්මීදෙණිය ගම්මානයේ (සාමගම කොටස) ක්‍රියාත්මක වන අතර මෙහි සමාරම්භක උත්සවය බක්මීදෙණිය පුරාණ රජමහා විහාරස්ථානයේදී 2026/03/16 දින පවත්වන ලදී.
බක්මීදෙණිය පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා දෙහිඅත්තකණ්ඩිය ජාතික පාසලේ ආචාර්‍ය පූජ්‍ය මල්දෙණියේ පුඤ්ඤරතන ලොකු හාමුදුරුවන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු මුතූ රත්වත්තේ මහත්මිය හා ප්‍රාදේශීය ලේකම් එස්. පාර්තීපන් මහතාගේ ප්‍රධානත්වයෙන් හා සහකාර අධ්‍යක්ෂක (ක්‍රමසම්පාදන), රාජ්‍ය ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයින් සහ ගම්වාසීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන සිදුකළ අතර මෙහිදී ගම්මානය එළි දැක්වීම, ශ්‍රමදාන වැඩසටහන හා පස්වරුවේ සෞදර්‍යාත්මක කලා වැඩසටහනක්ද පවත්වන ලදි. මෙහිදී ඵලදායිතා ගීතය, ප්‍රජා ඵලදායිතා විඩියෝව හා ක්ලීන් ශ්‍රි ලංකා ආයතනයේ වීඩියෝව මහජන ප්‍රදර්ශනයට ලක් කළ අතර ඵලදායිතාව පිළිබඳ අදහස් දැක්වීමද සිදුවිය.
 
1
 
2
 
3
 
4
 
5
 
6
 
7
 
8
 
9
 
10
 
11
 
12
13
 
14
 
15
 
16
 
17
 
18
 
 
20
 
21
 
 

News & Events

18
Sep2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
Sep2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top