අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

25
අගෝ2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

27
ජූලි2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

අපගේ දැක්ම

"දිගාමඩුල්ලේ විශිෂ්ඨතම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය බවට පත්වීම."

අපගේ මෙහෙවර

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස උපයෝගී කර ගනිමින් ජනදිවිය සංවර්ධනය කිරීම "

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය

Beige and White Cozy Reading Vlog YouTube Thumbnail 1 1

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මීට වසර 38කට ආසන්න කාලයකට පෙර ඇරඹුණු මහවැලි නව ගොවි ජනපදයක් වන මහවැලි සී කලාපයට අයත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොළඹ සිට කිලෝමීටර් 228ක් දුරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත. එය උතුරින් සහ බටහිරින් අම්පාර දිස්ත්‍රික්කයේ මෙන්ම නැගෙනහිර පළාතේද සීමාව වේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර් 374.08 කි. එය උතුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන්ද, දකුනින් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද බටහිරින් මහවැලි ගඟ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන්ද සීමාවේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගම් ඒකක වශයෙන් හඳුන්වනු ලබන ගම්මාන 46ක් වේ.

kudagala

කුඩා සීගිරිය -  (කුඩාගල)දෙහිඅත්තකණ්ඩිය

  මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ. 3 සිට ජනාවාස තිබූ බවට නාමල්ගම පුරා විද්‍යා භූමිය, මුවපැටිකේවෙල බිසෝකොටුව පුරාවිද්‍යා භූමිය, හේනානිගල උතුර පංචාවාස සම්ප්‍රදායේ විහාරස්ථානය සාක්ෂි දරයි. ඉන්පසු ක්‍රි.පූ.2 සියවසේචසේදී දුටු ගැමුණු රජතුමා අනුරාධපුර දක්වා යන ගමනේදී මෙහි සේනා සංවිධානය කල බවට මහා වංශයේ සඳහන්ව ඇත. හේනානිගල කේන්ද්‍රකර ගනිමින් ආදි ජනාවාස තිබූ බවට ආර්. එල්.ස්පිට්ල් මහතාගේ වාර්තා වල සඳහන් වේ. එහෙත් මෙම ජනාවාස පිළිබඳ නිවැරදි වාර්තා නොතිබෙන්නේ නිසියාකාරව පර්යේෂන කර නොමැති නිසාත් පුරාවස්තු කොල්ලකරුවන් විසින් බොහෝ පුරාවස්තු විනාශ කර ඇති නිසාත්ය. ක්‍රි.පූ. 5 වන සියවසට සමකාලීන චිත්‍ර කුඩාගල කුඩා සීගිරිය විහාරස්ථානය ආශ්‍රිත  ගල්ගුහාවල දක්නට ඇත. මෙම චිත්‍ර අජන්තා හා සීගිරි බිතුසිතුවම් වලට සමාන බව සෙනරත් පරණවිතාන මහතා 60 දශකයේ මෙහි පැමිණ මෙම චිත්‍ර පරීක්ෂාකරබලා ප්‍රකාශ කර ඇත.

 1986 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
නම සිට දක්වා
දුමින්ද ජයරත්න මහතා. 1986 1987
එච්.එල්.එස්.විජේසිංහ මහතා. 1987.03.02 1996.07.30
තිස්ස කරුණාරත්න මහතා. 1996.08.03 2002.03.14
ටී.වී.ඩී.ඩී.එස්.කරුණාරත්න මිය. 2002.03.14 2006.10.31
ඩබ්.ජී.එම්.හේමන්ත කුමාර මහතා. 2006.11.30 2013..11.29
ඩී.ආර්.කේ.හෙන්නායක මිය. 2013.11.28 2016.02.26
එම්.පී.ඩබ්.ශිරෝමනී මිය. 2016.02.26 2018

2015 සිට මේ දක්වා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තනතුරු

වර්ෂය ප්‍රාදේශීය ලේකම් සහකාර ප්‍රාදේශීය ලේකම් ගණකාධිකාරි පරිපාලන නිලධාරි පරිපාලන ග්‍රාම නිලධාරි
2015 ඩී.ආර්.කේ.හෙන්නායක මිය එම්.බී.එම්.මුබාරක් මහතා ප්‍රනීතරාජ් මහතා ඉන්ද්‍රාණි අඹගල මිය එස්.ඩබ්.එම්.ගුණතිලක මහතා
2016 එම්.පී.ඩබ්.ශිරෝමනි මිය එස්. පාර්තීපන් මහතා ප්‍රනීතරාජ් මහතා ඉන්ද්‍රාණි අඹගල මිය එස්.ඩබ්.එම්.ගුණතිලක මහතා
2017 එම්.පී.ඩබ්.ශිරෝමනි මිය එස්. පාර්තීපන් මහතා රිෆායි මහතා ඉන්ද්‍රාණි අඹගල මිය -
2018 එම්.පී.ඩබ්.ශිරෝමනි මිය එස්. පාර්තීපන් මහතා රිෆායි මහතා ඉන්ද්‍රාණි අඹගල මිය -
2019 එම්.එන්.විජයතුංග මහතා (Acting) එස්. පාර්තීපන් මහතා ඩබ්.බී.එම්.එස්.පී.ඩබ්.බණ්ඩාර මහතා ඉන්ද්‍රාණි අඹගල මිය -
2020 නුවන් සී. හේමකුමාර මහතා යූ.එම්.අස්ලාම් මහතා ඩබ්.බී.එම්.එස්.පී.ඩබ්.බණ්ඩාර මහතා - එච්.එම්.එල්.බී.හේරත් මහතා
2021 එස්.ටී.පී. වීරසිංහ මිය යූ.එම්.අස්ලාම් මහතා ඩබ්.බී.එම්.එස්.පී.ඩබ්.බණ්ඩාර මහතා - එච්.එම්.එල්.බී.හේරත් මහතා
2022 එස්.ටී.පී. වීරසිංහ මිය එච්.ඊ.කුමාරගේ මහතා ඩබ්.බී.එම්.එස්.පී.ඩබ්.බණ්ඩාර මහතා එම්.එල්.රේඛා මිය එච්.එම්.එල්.බී.හේරත් මහතා
2023 එස්.ටී.පී. වීරසිංහ මිය එච්.ඊ.කුමාරගේ මහතා ඩබ්.ඒ.අයි.හර්ෂනී මිය එම්.එල්.රේඛා මිය
එච්.එම්.එල්.බී.හේරත් මහතා
2024 බී.වී.සුදර්ශන ගුණසේන මහතා එච්.ඊ.කුමාරගේ මහතා ඩබ්.ඒ.අයි.හර්ෂනී මිය කේ.අයි.චන්ද්‍රමාලී මිය ඩබ්.ඩබ්.එම්.එස්.බී. වීරසිංහ මහතා
2025 එස්. පාර්තීපන් මහතා එච්.ඊ.කුමාරගේ මහතා කේ.ප්‍රකාශ්පති මහතා(Acting) කේ.යෝගේශ්වරන් මහතා කේ.ජී.කරුණාශීලී මිය(Acting)
2026 එස්. පාර්තීපන් මහතා - කේ.ප්‍රකාශ්පති මහතා(Acting) කේ.යෝගේශ්වරන් මහතා
ඩබ්.එම්.යූ.විජේසිංහ මහතා(Acting)

 

 

 

Scroll To Top