පුවත් සහ සිදුවීම්

"අපගේ දැක්ම"

"තෘප්තිමත් රාජ්‍ය සේවාවක්, විශිෂ්ටතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්"

"අපගේ මෙහෙවර"

"රාජ්‍ය ප්‍රතිපත්තිවලට අනුකූලව ප්‍රදේශයේ භෞතික හා මානව සම්පත් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස උපයෝගී කර ගනිමින් ජනදිවිය සංවර්ධනය කිරීම "

මීට වසර 38කට ආසන්න කාලයකට පෙර ඇරඹුණු මහවැලි නව ගොවි ජනපදයක් වන මහවැලි සී කලාපයට අයත් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කොළඹ සිට කිලෝමීටර් 228ක් දුරින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත. එය උතුරින් සහ බටහිරින් අම්පාර දිස්ත්‍රික්කයේ මෙන්ම නැගෙනහිර පළාතේද සීමාව වේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශය විශාලත්වයෙන් වර්ග කිලෝ මීටර් 347.08 කි. එය උතුරින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිරින් අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන්ද, දකුනින් බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද බටහිරින් මහවැලි ගඟ සහ මාතලේ දිස්ත්‍රික්කයේ වස්ගමුව ජාතික වනෝද්‍යානයෙන්ද සීමාවේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ගම් ඒකක වශයෙන් හඳුන්වනු ලබන ගම්මාන 46ක් වේ.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉතිහාසය

මෙම ප්‍රදේශයේ ක්‍රි.පූ. 3 සිට ජනාවාස තිබූ බවට නාමල්ගම පුරා විද්‍යා භූමිය, මුවපැටිකේවෙල බිසෝකොටුව පුරාවිද්‍යා භූමිය, හේනානිගල උතුර පංචාවාස සම්ප්‍රදායේ විහාරස්ථානය සාක්ෂි දරයි. ඉන්පසු ක්‍රි.පූ.2 සියවසේචසේදී දුටු ගැමුණු රජතුමා අනුරාධපුර දක්වා යන ගමනේදී මෙහි සේනා සංවිධානය කල බවට මහා වංශයේ සඳහන්ව ඇත. හේනානිගල කේන්ද්‍රකර ගනිමින් ආදි ජනාවාස තිබූ බවට ආර්. එල්.ස්පිට්ල් මහතාගේ වාර්තා වල සඳහන් වේ. එහෙත් මෙම ජනාවාස පිළිබඳ නිවැරදි වාර්තා නොතිබෙන්නේ නිසියාකාරව පර්යේෂන කර නොමැති නිසාත් පුරාවස්තු කොල්ලකරුවන් විසින් බොහෝ පුරාවස්තු විනාශ කර ඇති නිසාත්ය. ක්‍රි.පූ. 5 වන සියවසට සමකාලීන චිත්‍ර කුඩාගල කුඩා සීගිරිය විහාරස්ථානය ආශ්‍රිත  ගල්ගුහාවල දක්නට ඇත. මෙම චිත්‍ර අජන්තා හා සීගිරි බිතුසිතුවම් වලට සමාන බව සෙනරත් පරණවිතාන මහතා 60 දශකයේ මෙහි පැමිණ මෙම චිත්‍ර පරීක්ෂාකරබලා ප්‍රකාශ කර ඇත.

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top