විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ පොසොන් බැති ගී ප්‍රසංගය

2019 වර්ෂයේ පොසොන් උත්සවය නිමිතිකොට ගෙන විශේෂ අවශ්‍යතා සහිතවූවන්ගේ පොසොන් බැතිගී ප්‍රසංගයක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලේදී 2019.06.17 දින පැවැත්විණ.ඒ සඳහා විශේෂ අවශ්‍යතා සහිත වූවන් ඉතා උද්යෝගයෙන් යුතුව සහභාගි විය.අවසානයේදී ඔවුන් ට වටිනා ත්‍යාග පිරිනමන ලදී.
දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශිය ලේකම්තුමා නව තනතුරේ වැඩ භාරගනී.

දෙහිඅත්තකණ්ඩිය අභිනව ප්‍රාදේශිය ලේකම් ලෙස පදියතලාව ප්‍රාදේශිය ලේකම් ආර්.එම්.එන්.විජයතුංග මැතිතුමා 2019.03.27 දින නව තනතුරේ වැඩ භාරගන්නා ලදී.
ඩෙංගු මර්දන වැඩසටහන 2018
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සතියේ සෑම අඟහරුවාදාවකම සිදු කරන ලද ඩෙංගු මර්දන වැඩසටහන 2018 ඔක්තෝම්බර් මස 23 වන දින ද කාර්යාලයේ නිලධාරීන්ගේ සාහාගීත්වයෙන් සාර්ථකව සිදුකරන ලදී.
ප්‍රාදේශිය ලේකම් එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩියට සමුදෙයි.
දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ වසර 03 ක් පමන කාලයක් සේවය කර 2019.03.19 දින රිදීගම නව ප්‍රාදේශිය ලේකම්වරිය ලෙස ස්ථාන මාරුවිම් ලැබ නික්ම ගියාය.

එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයට සුවිශාල සේවයක් ඉටුකරන කරන ලදී.එම්.පී.ඩබ්ලිව්.ශිරෝමනී මැතිණිය දෙහිඅත්තකණ්ඩිය කොට්ඨාශයට සුවිශාල සේවයක් ඉටුකරන කරන ලදී. එතුමියගේ ඉදිරි රාජකාරි ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
පෝෂණය පිළිබඳ බහුආංශික සැලැස්ම 2018 - නවක විවාහක යුවල් දැනුවත් කිරීමේ වැඩසටහන
පෝෂණය පිළිබඳ බහුආංශික සැලැස්ම යටතේ නවක විවාහක යුවල් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2018.09.26 දින දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී පැවැත්විණ.ඒ සඳහා නවක විවාහක යුවල් 50 ක් සාභාගී විය .එහිදී නීරෝගී දරු උපතක් සඳහා අවශ්‍ය වන පෝෂණ,ආර්ථික,සමාජීය ගැටළු රැසක් නිරාකරණය කර ගැනිමට අවශ්‍ය උපදෙස් හා දැනුවත් කිරීම් රැසක් සිදුකරණ ලදී.













