වර්ෂ 2018 සමෘද්ධි ප්‍රතිලාභීන් සවිබල ගැන්වීමේ වැඩසටහන

දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි  බැංකු සංගම් 03කි. මෙහි සමෘද්ධි  ප්‍රතිලාභ ලබන පවුල් ඒකක 2312 පමණ තිබේ. ඉන් ප්‍රතිලාභීන් 181 දෙනෙකු සවිබල ගැන්වීමට නියමිතය.

ඒ අනුව දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන මුදල රු. 1,320,147.00කි. එම ප්‍රතිපාදන වලින් කෘෂි වැඩසටහන සඳහා රු. 143,190/- ක්ද, කර්මාන්ත සංවර්ධනය සඳහා රු. 493,065/- ක්ද, සත්ත්ව පාලනය සඳහා රු. 158,092/- ක්ද ව්‍යවසායක සංවර්ධන වැඩසටහන සඳහා රු. 196,000/- කද,ව්‍යවසායක සංවර්ධන පුහුණු වැඩසටහන සඳහා රු. 147,000/- කද මුදලක් වෙන් කර ඇත.

මෙහි පවතින සමාජ පරිසරය හා ආර්ථික වටපිටාව අනුව කර්මාන්ත සංවර්ධන හා අලෙවි සංවර්ධන වැඩසටහන අනුව පහත දැක්වෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් කර ඇත.

සමෘද්ධි ප්‍රතිලාභීන් පවුල් 10ක් සඳහා කෘෂි ව්‍යාපෘති, ප්‍රතිලාභීන් 04 දෙනෙක් සඳහා සත්ත්ව පාලන ව්‍යාපෘති,ප්‍රතිලාභීන් 16 දෙනෙක් සඳහා කර්මාන්ත ව්‍යාපාති හා ප්‍රතිලාභීන් 09 දෙනෙක් සඳහා ව්‍යයසාය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.   

එමෙන්අම වයස අවු.18 ත් 35ත්අතර තරුණ පිරිසගේත් ග්‍රාම නිලධාරි වසමක එක් අයෙක් බැගින් තෝරා නව ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

News & Events

18
සැප්2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
සැප්2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

Scroll To Top