දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන
=================================================================
“දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පූර්ණ ලෙස නිවාස අහිමි වූ ජනතාව අවදානම් සහිත ස්ථානවලින් ඉවත් කර, ඔවුන්ගේ ආරක්ෂාව සහ අනාගත ජීවිතය වෙනුවෙන් නව ඉඩම් ලබාදීමේ වැඩසටහනක් දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මැදිහත් වීමෙන් 2026/09/14 දින මාවනාගම ග්‍රාම නිලධාරී වසමේ “පුනරුද ගම” ලෙස නම් කළ නව ගම්මානයේදී සිදු කෙරිණි.
මෙහිදී ප්‍රතිලාභී පවුල් සඳහා රුපියල් ලක්ෂ 50 ක් වටිනා නව නිවසක් ඉදිකර ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත් වීම මත සිදු විය.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ ගරු නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මැතිතුමා, දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුතූ රත්වත්තේ මැතිණිය, අම්පාර දිස්ත්‍රික් ලේකම් අනූපම මංගල වික්‍රමාරච්චි මැතිතුමා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විධායක නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් එස්. පාර්තීපන් මැතිතුමා ඇතුළු දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විධායක, මාණ්ඩලික සහ අනෙකුත් කාර්යය මණ්ඩලය මෙන්ම අනෙකුත් රාජ්‍ය ආයතනවල නිලධාරී මහත්ම මහත්මීන්, ප්‍රතිලාභී ජනතාව සහ ප්‍රදේශවාසී ජනතාව එක් විය.
 
1
2
3
5
4
6
7
8
9
11
13
14
15
16
17
18
19
20
21
22
33
141
 
 

News & Events

18
செப்2026
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ වැඩසටහන

දිට්වා සුළි කුණාටුවෙන් නිවාස අහිමිවූවන් නැවත පදිංචි...

07
செப்2026
PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

PROCUREMENT OF WORKS DS-Dehiattakandiya

The Chairman, Regional Procurement Committee (RPC), on...

குடியுரிமை சாசனம்

Scroll To Top